රසායනාගාර පරීක්ෂණත් නවතින ලකුණු

රසායනාගාර පරීක්ෂණත් නවතින ලකුණු

රජයේ රෝහල්වල රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය ප‍්‍රතික‍්‍රීයක ඇතුලූ‍ අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් බිලියන 10ක පමණ ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් රෝහල් රසායනාගාර පරීක්ෂණ සහ වෙනත් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවාවන් රැසක් ක‍්‍රමයෙන් නතරවන තත්ත්වයක් උද්ගතව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රසායනාගාර පරීක්ෂණ සඳහා අදාල ප‍්‍රතික‍්‍රියක නොලැබීම හේතුවෙන් දැනටමත් රජයේ රෝහල් රසායනාගාරවල සිදු කරමින් තිබෙන පරීක්ෂණ ප‍්‍රමාණය සීමා කිරීමට සිදුව ඇති අතර, ඇතැම් පරීක්ෂණ නතර කරන තත්වත්යකට පත්ව තිබෙන බවද ඔහු කීවේය