අප්‍රේල් 30 වනදාට පෙර බූස්ටර් ගන්න – සෞඛ්‍ය අංශයෙන් යළි දැනුම් දීමක්

අප්‍රේල් 30 වනදාට පෙර කොවිඩ් ප්‍රතිශක්තිකරණ බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය යළි ජනතාවට දැනුම් දීමක් කරනවා.
පොදු ස්ථානවලට ඇතුලුවීම සඳහා අප්‍රේල් මස 30 වනදා සිට පූර්ණ එන්නත්කරණය සහතික කළ කාඩ්පත අනිවාර්ය කර ඇති බැවින් ඊට පෙර බූස්ටර් මාත්‍රාව ලබාගෙන පූර්ණ එන්නත්කරණයට ලක්වන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.
මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 639 ක් ඊයේ (05) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 609,822ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම ඊයේ (05) දිනයේ දී මෙරටින් කොරෝනා මරණ 14ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,321 ක් දක්වා ඉහළ ගිය බවයි සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේ.