ළදරු කිරි බෝතල් හා ආහාර බඳුන්වල පිළිකා කාරක රසායනයක්

ළදරුවන්ට කිරි සහ අමතර ආහාර ලබා දෙන බෝතල්වල හා ආහාර බඳුන්වල (Feeding cups) බිස්ෆීනෝල් නමැති පිළිකා කාරක රසායනිකය අඩංගු වෙන බවට අන්තර්ජාතික දූෂක තුරන් කිරීමේ ජාලය (International Polutants Elimination Network) සිදු කළ පර්යේෂණ අධ්‍යනයකදී තහවුරු වී තිබේ.
එම පර්යේෂණ අධ්‍යයනය සඳහා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, චීනය, භූතානය, මැලේසියාව, ඉන්දුනීසියාව, රුසියාව සහ ටැන්සානියාව යන රටවලින් නියැදි ලෙස ළදරු කිරි බෝතල් හා ආහාර බඳුන් යොදා ගෙන තිබේ. යුරෝපා සංගමයේ සාමාජික රටවල්, මැලේසියාව, චීනය හා ඉන්දුනීසියාව වැනි රටවල ළදරු ආහාර භාණ්ඩ සඳහා එම රසායනිකය සීමා කර ඇති නමුත් පරීක්ෂාවට ලක් කරන ලද භාණ්ඩ අතරින් සියයට 78කම ඉහත කී රසායනිකය අඩංගු වූ බවට තහවුරු වී ඇත.
මෙම පරීක්ෂණය සඳහා ලංකාවේ දායකත්වය ලබා දුන් පරිසර යුක්ති කේන්ද්‍රය නිවේදනය කරන්නේ අදාළ පරීක්ෂාවට යොදාගත් බඳුන් 98කින් 76කම බිස්ෆීනෝල් නමැති රසායනිකය අඩංගු බවට තහවුරු වී ඇති බවයි.