ශ්‍රී ලංකාවේ මැලේරියා අවදානමක්

යාපනය දිස්ත්‍රික්කයේ මැලේරියා රෝගය පැතිරීමේ අවදානම ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. සති 4ක් තුළ යාපනය දිස්ත්‍රික්කයෙන් මැලේරියා රෝගීන් 4 දෙනෙකු වාර්තා වී ඇති බව මැලේරියා මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවා.
මේ වන විට මෙරටින් මැලේරියා රෝගීන් 06 දෙනෙකු හඳුනාගෙන ඇති බව පැවසූ ඔහු, ඒ සියල්ල අප්‍රිකානු රටවලින් පැමිණි රෝගීන් බව ද සඳහන් කළා. රෝගීන් 06 දෙනාගෙන් හතර දෙනෙකු දැඩි සත්කාර ඒකකවලද ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටක එක් දිස්ත්‍රික්කයක මැලේරියා අවදානම යනු මුළු රටම අවදානමක පවතින බවට වෛද්‍යවරයා අනතුරු ඇඟවීම් කළා.