සූර්ය කුණාටුව චන්ද්‍රිකා 40 ක් අක්‍රිය කරයි

සූර්ය කුණාටුව චන්ද්‍රිකා 40 ක් අක්‍රිය කරයි

ඇමෙරිකාවේ ‘ස්පේස් එක්ස්’ සමාගම පෘථිවි කක්ෂයේ ස්ථානගත කළ සන්නිවේදන චන්ද්‍රිකා පද්ධතිය ‘සූර්ය කුණාටවක’ බලපෑමට ලක් වී ඇති බවත්, එම චන්ද්‍රිකා පද්ධතියට අයත් චන්ද්‍රිකා 40 ක් පමණ පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවත් වාර්තා වේ.

සූර්ය කුණාටුවෙන් තම චන්ද්‍රිකා 40 ක් හෝ 49 ක් අක්‍රිය වී පාලනයෙන් ගිලිහී ගොස් ඇතැයි ‘ස්පේස් එක්ස්’ සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ‘සූර්ය කුණාටු’ යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයාගේ සිට විහිදෙන විකිරණ සහ චුම්බක තරංගය. අක්‍රිය වුණු චන්ද්‍රිකා යළි පෘථිවි වායුගෝලයට ඇතුළු වී ගිනිගෙන බහළට වැටීමට ඉඩ ඇති බව ද පැවැසෙයි.

2024 වසරේ නාසා ආයතනය යළි සඳට යනු ඇත්තේත් 2035 වසරෙන් පසු අඟහරු යනු ඇත්තේත් ‘ස්පේස් එක්ස්’ සමාගම සමඟ හවුලේය.

https://reut.rs/34LSLqm