කොරෝනාවේ ආයු කාලය ගැන අලුත්ම හෙළිදරව්ව

කොරෝනා ආසාදිතයකු තුළ වෛරසය සක්‍රීය ව පවතින්නේ, දින 5ක් පමණක් බවට නවතම පරීක්ෂණ මගින් හෙළි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
කොවිඩ් වෛරසයේ නොයෙක් ප්‍රභේද ලොව පුරා ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟ, ඒ ඒ වෛරසවල බලපෑම පිළිබඳ විවිධ මට්ටමෙන් පර්යේෂණ සිදු කෙරුණා.
ඒවාට අනුව ආසාදිතයින්ට සිදු වන බලපෑම වෛරසයේ ආයු කාලය ආදී බොහෝ කරුණු පිළිබඳ කරුණු ද අනාවරණය කරගැනීමට වෛද්‍ය පර්යේෂකයින් සමත් වුණා.
මේ අතර, තවත් කොරෝනා ආසාදිතයන් 1,263ක් ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා අසාදිතයන් සංඛ්‍යාව 623,248ක් දක්වා ඉහළ ගියා.
මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692ක් දක්වා ඉහළ ගියේ ඊයේ තවත් මරණ 36ක් වාර්තා වීමත් සමඟයි.