සංකේත වැඩ වර්ජන නැහැ, අඛණ්ඩ වර්ජනයක් පටන් ගත්තේ

සංකේත වැඩ වර්ජන නැහැ, අඛණ්ඩ වර්ජනයක් පටන් ගත්තේ

දිවයින පුරා රෝහල්වල අද (07) ආරම්භ කර ඇති සෞඛ්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව සෞඛ්‍ය වෘත්තිය සමිති වෙනුවෙන් රවි කුමුදේශ් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූවා.

මෙහිදී අදහස් දැක්වූ රවි කුමුදේශ් මහතා කියා සිටින්නේ මෙතෙක් කල් සිදුකළ සංකේත වැඩවර්ජන වලින් ඉවත්වී අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළ බවයි.

තම ඉල්ලීම් වලට ඉදිරියේදී විසඳුම් නොලැබුණොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා බවද මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් වර්ජනය රෝහල් කීපයක අත්හිටුවා ඇති අතර, ළමා රෝහල පිලිකා රෝහල, කොවිඩ් රෝහල වර්ජනයෙන් බැහැරව ක්‍රියාකරන බවයි කියා සිටියේ.

ඉදිරියේ දී තම වෘත්තීය ක්‍රියාමාර්ග වලට විසඳුම් ලැබෙන්නේ නැතිනම් එම රෝහල් තුළද වර්ජනය ක්‍රියාත්මක කරන බව මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.