පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම ලබාගත යුතුයි

පූර්ණ එන්නත්කරණයට මාත්‍රා තුනම ලබාගත යුතුයි

ඉදිරියේදී කොරෝනා එන්නත් මාත්‍රා 3ම ලබා ගත් අය පමණක් පූර්ණ එන්නත්කරණය ලැබූවන් ලෙස සලකන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඊයේ (24) ප්‍රකාශ කළා.

ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර ඊයේ (24) පැවති විශේෂ සාකච්ජාවකදී.

මෙරට ජනගහනයෙන් කොරෝනා පළමු මාත්‍රාව සියයට 101කට ලබාදී ඇති බවත් දෙවන එන්නත් මාත්‍රාව සියයට 98ටත්, තුන් වන එන්නත් මාත්‍රාව සියයට 30කටත් මේවන විට ලබාදී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, එළඹෙන ජනවාරි 29 වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 1000කදි කොරෝනා එන්නත් තුන්වන හෙවත් වර්ධක මාත්‍රාව ලබාදීමේ විශේෂ වැඩපිලිවෙලක් ආරම්භ කරන බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ, එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර වසරක් ගතවීමට සමගාමීවයි.