ඩිජිටල් පසුම්බියක් හඳුන්වාදීමට යයි

ඩිජිටල් පසුම්බියක් හඳුන්වාදීමට යයි

ඩිජිටල් ජාතික හැඳුනුම්පත නිකුත් කිරිමෙන් පසු සෑම පුරවැසියෙකුටම ඩිජිටල් පසුම්බියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා, යෞවන කටයුතු අමාත්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, විභාග සහතික ඇතුළු තමන්ගේ අත්‍යවශ්‍යය පෞද්ගලික ලිපි ලේඛණ තමන්ගේ ජංගම දුරකථනයේ “ඩිජිටල් පසුම්බියක” තබාගෙන අවශ්‍ය මොහොතක ඉදිරිපත් කිරීමට එමගින් හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මාස 30 ක කාලයක් තුළ එම ව්‍යාපෘතිය අවසන් කිරීමට අපේක්ෂා කරන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

ජංගම දුරකථනය මගින් මුදල් ගෙවීම සදහා මහ බැංකුව විසින් හදුන්වා දෙන LANKA QR කේතය ගම්පහ ජනගත කිරිමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළා.