පෙබරවාරි මාසේ කොවිඩ් ආසාදිතයින්ගේ වැඩි වීමක්

ලබන පෙබරවාරි මුල් සතිය වනවිට පසුගිය අගෝස්තු මාසයේ මෙන් ආසාදිතයින් ඉහළ යා හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (21) අනතුරු ඇඟවීමක් සිදුකළා.
මේ අතර, අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි එහි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ප්‍රකාශ කළා.
මේ අතර කොරෝනා ප්‍රතිශක්තීකරණ එන්නත්කරණයේ බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රවණතාවය ඉතා අඩු මට්ටමක පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.