දරුණු පිරානා මත්ස්‍යයින්ගේ ප්‍රහාරයෙන් බිළිගත් ජිවිත

දරුණු පිරානා මත්ස්‍යයින්ගේ ප්‍රහාරයෙන් බිළිගත් ජිවිත

දරුණු මත්ස්‍ය වර්ගයක් වන පිරානා මත්ස්‍යයින්ගේ ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයින්ගේ මළ සිරුරු හතරක් පසුගියදා සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දකුණු ඇමරිකානු රටක්වන පැරගුවේ රාජ්‍යයේ ටෙබිකුරි ගඟේ තිබිය දී මෙම සිරුරු සොයාගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ.

මෙලෙස සොයාගත් මළ සිරුරු අතර පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ සිරුරු ද තිබෙන බවයි වාර්තා වන්නේ.

පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ ගංගා නැරඹීමට පැමිණෙන එරට ජනතාව වැඩි වශයෙන් ඒවායේ දිය නෑමට පුරුදු වී සිටින බව සඳහන්.

එවැනි අවස්ථාවක මොවුන් මෙම මත්ස්‍යයින්ගේ ප්‍රහාරයට ලක්වන්නට ඇති බවයි සැක පල කරන්නේ.

මෙම වසරේ දී පිනාරා මත්ස්‍යයින්ගේ ප්‍රහාරයකින් එරටින් වාර්තා වූ පළමු මරණය පසුගිය ඉරිදා වාර්තා වී තිබෙනවා.

පැරගුවේ ගඟේ දී මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වුණේ.

https://bit.ly/3q0dijm

COMMENTS