“ස්ටෑන්ඩ් නිව්ස්” වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් හයක් අත්අඩංගුවට

“ස්ටෑන්ඩ් නිව්ස්” වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් හයක් අත්අඩංගුවට

ස්වාධීන පුවත් වෙබ් අඩවියක සේවයේ නියුතු හා කලින් සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හොංකොං පොලිසිය පියවර ගෙන තිබේ.

හොංකොංහි පිහිටි ‘ස්ටෑන්ඩ් නිව්ස්’ නමැති ස්වාධීන පුවත් වෙබ් අඩවියේ පිරිසක් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

කැරලි ඇති කිරීමට හේතුවන පුවත් ප්‍රකාශයට පත්කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර කාන්තාවන් තිදෙනෙකුද සිටින බව කියැවේ. අත්අඩංගුවට ගත්තවුන් අවුරුදු 34ත් 72ත් අතර වයස්වල පසුවන්නෝය.

ස්ටෑන්ඩ් නිව්ස් වෙබ් අඩවියේ හිටපු කර්තෘ සේම වැඩ බලන ප්‍රධාන කතුවරයාද එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

https://bit.ly/3sGZQ5G

COMMENTS