ක්‍රිකට් පිටියේ “බර අවි” එකට ගැටෙයි

ක්‍රිකට් පිටියේ “බර අවි”  එකට ගැටෙයි

ක්‍රිකට් පිටියේ එදා මෙදාතුර බිහිවූ සුපිරි තරු එකට ගැටෙන ලෙජන්ඞ්ස් ලීග් කි‍්‍රකට් තරගාවලියට දින නියම වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව මෙම තරගාවලිය එළඹෙන ජනවාරි මාසයේ ඕමානයේදී පැවැත්වීමට නියමිතය.

එරට Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය ජනවාරි මස 18 වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.

එම තරගාවලියට කණ්ඩායම් තුනක් එක්වන අතර එම කණ්ඩායම් වන්නේ ආසියානු කණ්ඩායම, ඉන්දීය කණ්ඩායම සහ ලෝක කණ්ඩායමයි.

මෙහිදී ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රිකට් තරු වන සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, තිලකරත්න ඩිල්ශාන්, උපුල් තරංග, ආසියානු කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂහිඩ් අෆ්රිඩි, ෂොයිබ් අක්තාර්, අසාර් මොහොමඩ්, මිෂ්බා උල් හක්, මොහොමඩ් හෆීස්, ෂොයිබ් මලික්, උමාර් ගුල්, මොහොමඩ් යූසුෆ්, අස්ගාර් ඇෆ්ගන්, උනිස් ඛාන් සෙසු සාමාජිකයන් ලෙස එම කණ්ඩායමට එක්වන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

https://bit.ly/3JfHuP1

COMMENTS