අගමැති සුනාමියෙන් මියගිය පිරිස සිහිකර පහන් දල්වයි

අගමැති සුනාමියෙන් මියගිය පිරිස සිහිකර පහන් දල්වයි

දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස සිහිපත් කිරීමේ වැඩසටහනක් අද (26) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි‍.

පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා යෙදුණු මිනිත්තු දෙකක නිහඬතාවට එක්ව අනතුරුව පහන් දල්වා මිය ගිය පිරිස සිහිපත් කෙරුණා.

දිස්ත්‍රික්ක 14කට බලපෑ සුනාමි ව්‍යසනයෙන් 31,229 දෙනෙකුට දිවි අහිමි වූ අතර තවත් 4100ක් දෙනෙක් අතුරුදන් වූහ. 516,150 දෙනෙකු මෙම ව්‍යසනයෙන් අවතැන් වූ අතර 250,000කගේ පමණ නිවාස හා දේපල විනාශ විය.

සුනාමි ව්‍යසනය ඇතුළු විවිධ ආපදාවලින් මිය ගිය පුද්ගලයන් සිහිපත් කෙරෙන “ජාතික සුරක්ෂිත දිනය” ද අදට යෙදී තිබේ.