නත්තල් දවසේ පාප්වහන්සේගේ ඉල්ලීම

නත්තල් දවසේ පාප්වහන්සේගේ ඉල්ලීම

නත්තල් උදා දේව මෙහෙය වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේදී 2,000 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

ජේසු බිළිඳාණන්, දුප්පත්කම තුරුළු කරගෙන උපත ලැබූ අතර, දුප්පතුන් වෙනුවෙන් සේවය කිරීම අන් සියල්ලට වඩා වැදගත් වන බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානුවේ නත්තල් උදා දේව මෙහෙයේදී ප්‍රකාශ කළා.

එය, සමාජ තත්ත්වය හෝ ජීවිතයේ සාර්ථකත්වය ලැබීමට වඩා ඉහළ තත්වයක් ලෙසයි පාප්වහන්සේ හැඳින්වූයේ. ජේසු සමිදාණන් උපත ලැබුවේ කිසිවක් හිමිකරගෙන නොවේ.

මේ නිසා නත්තලේ ආලෝකයෙන් සහ සැරසිලිවලින් ඔබ්බට ගොස් අන් අයට සේවය කිරීමට කටයුතු කරන්නැයි පාප් වහන්සේ ඉල්ලා සිටියා.

https://reut.rs/30XHnX7

COMMENTS