කඩුගන්නාව හරහා උසස් පෙළට යන සිසුන්ට මාවනැල්ල ඩිපෝවෙන් ප්රවාහන සේවා

කඩුගන්නාව ප්රදේශයේ සිදු වූ නාය යෑම හේතුවෙන් උසස් පෙළට පෙනී සිටින සිසුන්ට සිදු වන අවහිරතා වැළැක්වීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.
විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මාවනැල්ල ඩිපෝව පාදක කරගෙන විධිමත් ප්රවාහන සේවාවක් ඒ අනුව සකස් කර ඇතැයි කෑගල්ල දිස්ත්රික් ලේකම් ජගත් එම්. හේරත් මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ දිනවල උසස් පෙළ විභාගයට ගමන් කරන සිසුන්ට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැනි ආයතනවල නිර්දේශ මත මාර්ගය යළි විවෘත කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට අස්ථාවරව පවතින විශාල ගල් පර්වතය හේතුවෙන් මාර්ගය විවෘත කිරීම ආරක්ෂා සහිතව කළ යුතුයි. විකල්ප මාර්ග සම්බන්ධයෙන් පොලිස් රථවාහන අංශය සමඟ එක්ව වැඩපිළිවෙළ සකස් කරනවා.”

