පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන්

පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන්

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වැනි වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.

තුන්වැනි පාසල් වාරයේ දෙවැනි අදියර ආරම්භ වන්නේ ලබන මස 8 වැනාදා ය.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වෙනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තුන්වැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 8 වෙනි සඳුදා සිට දෙසැම්බර් 19වෙනි සිකුරාදා දක්වා ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන ලදි.

මේ අතර නව වසරේ පළමු පාසල් වාරය ලබන ජනවාරි පළමු වැනිදා ආරම්භ වේ.

ඊයේ පැවති මධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එදින සිට ක්‍රියාත්මක බවය.

ඒ අනුව පස් වැනි ශ්‍රේණියේ සිට ඉහළට පාසල් නිමවන කාලය පස්වරු 2 දක්වා දීර්ඝ කෙරෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

COMMENTS