ලෝක නගර දිනය අදයි

ලෝක නගර දිනය අදයි

ලෝක නගර දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව ජනතාව – මධ්‍යගත සුහුරු නගර යන්නය.

සංවර්ධනයත් සමග ලොව විවිධ රටවල් මුහුණ දෙන නගර ආශ්‍රිත ගැටලු හඳුනා ගනිමින් ඒ සඳහා ලෝක අවධානය යොමු කිරීමේ අරමුණින් ලෝක නගර දිනය සැමරෙන්නේ 2014 වසරේ සිටය.

සීඝ්‍ර නාගරීකරණයත් සමග එහි වෙසෙන විවිධ ප්‍රජාවන්ගේ ගැටලු විසදීම සඳහා අරමුදල් සම්පාදනයේ දැඩි විශමතාවක් ඇති බව එක්සත් ජාතීන් පෙන්වා දෙනු ලබයි.

එය සංඛ්‍යාත්මකව ගත් කළ ඇමරිකානු ඩොලර් ටිලියන 4.5 ත් 5.4 ත් අතර වේ.

සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේද නගර ආශ්‍රිතව ගැටලු රැසක් පවතී.

අක්‍රමවත් නාගරිකකරණය, කසල කළමණකාරණයේ ගැටලු ඒ අතර ප්‍රධානය.

COMMENTS