අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ නිශ්කාශනය කඩිනම් කරන්නැයි උපදෙස්

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් 31 වැනි දිනට පෙර නිශ්කාෂණය කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිළධාරින් වෙත දැනුම් දී තිබේ.
එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.ජේ.දිසානායක මහතා චක්‍රලේඛයක් මගින් සියළුම මහාධිකරණ විනිසුරුවන් හා අධිකරණ නිලධාරීන් වෙත දැනුම් දී ඇත්තේ, එම කටයුතු සිදුකිරීම වෙනුවෙන් අද සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා, සති අන්ත දිනවල හෝ රජයේ නිවාඩු දිනයක, නැවත අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අවසර ඇයැදීමකින් තොරව එම කටයුතුවල නිරත විය හැකි බවය.
අධිකරණ සේවා කොමිෂන් සභාව පැවසුවේ ඒ අනුව මහාධිකරණයක නඩු භාණ්ඩ කාමරය හෝ ලේඛණාගාරය විවෘත කිරීම මහාධිකරණ විනිසුරු විසින් නම් කළ සුදුසු නිළධාරියෙකු ගේ සෘජු අධික්ෂණය යටතේ සිදුකල යුතු බවය.
දිසා/මහේස්ත්‍රාත් අධිකරණයක හෝ මහේස්ත්‍රාත් අධිකරණයක නඩු භාණ්ඩ කාමය හෝ ලේඛණාගාරය විවෘත කිරීම දිසා විනිසුරු, මහේස්ත්‍රාත්, අතිරේක දිසා විනිසුරු හෝ අතිරේක මහේස්ත්‍රාත්වරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකළ යුතු වේ.
අධිකරණ කාර්යාලය විවෘත කිරීම රෙජිස්ට්‍රාර් හෝ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයාගේ සෘජු අධික්ෂණය යටතේ සිදුකල යුතු බවද අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.