සම්ප්රදායික නොවන අපනයනවල ශීඝ්ර වර් ධනයක්

සම්ප්රදායික නොවන අපනයනවල ශීඝ්ර වර්ධනයක් සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.
එහි සභාපති මංගල විජේසිංහ මහතා ප්රකාශ කළේ පසුගිය මාස 8 තුළ එම අපනයනවල 8% ක වර්ධනයක් වාර්තා වී ඇති බවයි.
සම්ප්රදායික නොවන අපනයනවලින් මාසිකව රුපියල් මිලියන 800 ක ආදායමක් ලැබෙන බවද ඔහු ප්රකාශ කළේ ය.
වසරේ මුල් මාස 08 තුළ රුපියල් බිලියන 11.8 ආදායමක් උපයා ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසයි.
සභාපතිවරයා ප්රකාශ කළේ මෙරට අපනයන ප්රවර්ධනය සඳහා woge 2025 නමින් කොළඹදී ප්රදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.