ගෝඨාභය ට අයත් නිවසක් වාරිමාර් ග දෙපාර් තමේන්තුවට පවරා ගැනේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයත්ව තිබූ බවට පැවසෙන, කතරගම මැණික් ගඟ අසබඩ පිහිටි නිවසක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව වෙත අධිකරණය විසින් පවරා තිබෙනවා.
මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් ඊයේ (13) පැමිණ මෙම ගොඩනැඟිල්ල භාර ගැනීමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ගොඩනැඟිල්ල ඉදිරියේදී රජයේ නිලධාරීන් සඳහා නවාතැන් ලබා දීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබා දීමට නියමිත බවයි මොණරාගල වාරිමාර්ග අධ්‍යක්ෂ අබ්දුල් ජාබාර් වැඩිදුරටත් ප්‍රකාශ කළේ.