Left-Hand Drive නිසා අභිෂේක් ශර් මා දිනූ ජීප් රථය ඩුබායිහි සිරවෙයි

Left-Hand Drive නිසා අභිෂේක් ශර් මා දිනූ ජීප් රථය ඩුබායිහි සිරවෙයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අභිෂේක් ශර්මා 2025 ආසියානු කුසලාන තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස දිනාගත් සුඛෝප­භෝගී Haval H9 SUV වර්ගයේ ජීප් රථය ඉන්දියාවට ගෙන ඒම නීතිමය හේතූන් මත තහනම් වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉනිම හතක දී ලකුණු 314ක් රැස් කළ අභිෂේක්ට මෙම සම්මානය සහ මෝටර් රථයේ යතුරු හිමි වූ අතර තරගාවලිය පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී ඔහු මෝටර් රථය සමග සෙල්ෆිද ගෙන තිබුණා.

මෙම ගැටලුවට හේතුව වී ඇත්තේ තිළිණ කළ Haval H9 ජීප් රථයේ සුක්කානම වම් පැත්තේ (Left-Hand Drive) පිහිටා තිබීමයි.

ඉන්දීය මෝටර් රථ නීතිවලට අනුව, ඉන්දීය මාර්ගවල ධාවනය සඳහා අනිවාර්යයෙන්ම දකුණු පැත්තේ සුක්කානම (Right-Hand Drive) සහිත වාහන තිබිය යුතු වනවා.

එම හේතුව නිසා මෙම ජීප් රථය නීත්‍යානුකූලව ඉන්දියාවට ආනයනය කර ලියාපදිංචි කළ නොහැකි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම මෝටර් රථයේ නිෂ්පාදකයා වන Great Wall Motors සමාගම, ලබන නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ දී සිය නියෝජිත සමාගමක් පිහිටුවීමට නියමිත බවද වාර්තා වනවා.

එවිට දකුණු පැත්තේ සුක්කානම සහිත නව ජීප් රථයක් අභිෂේක්ට පිරිනැමීමේ හැකියාවක් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා