ඇණහිට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද ඇරඹේ

ඇණහිට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද ඇරඹේ

ඇණහිට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත-මීරිගම ඉදිකිරීම් අද (17) ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ඇණහිට ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම අතර කොටසේ ඉදිකිරීම් අද යලි ආරම්භ කෙරේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආර්ථික අර්බුදයත් සමග 2022 වසරේ මැද භාගයේ එම කොටසේ ඉදිකිරීම් නතර කෙරුණි.

2028 වසරේදී එම කොටසේ ඉදිකිරිම් අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ සෙසු කොටස්වල ඉදිකිරීම් සම්බන්ධයෙන් ද ඔහු අදහස් පළ කරන ලදි.

COMMENTS