ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදය හෙට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදය හෙට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය හෙට (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත විවාදයට ගැනීමෙන් පසු, හෙට පස්වරු 3.00 ට ඒ සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම පැවැත්වෙන බවයි අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

COMMENTS