අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් මිද්දෙණියෙන් හමුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට ගන්නා අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් මිද්දෙණියෙන් හමුවෙයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක්, මිද්දෙණිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී බස්නාහිර උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව, රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලියගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇති බව සඳහන්.

බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වාගේ අධීක්ෂණයෙන් මේ වන විටත් එම ස්ථානයේ විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙනවා.