ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව

ලොවම බලා සිටි චීනයේ හා උතුරු කොරියා නායකයින්ගේ හමුව

චීන ජනාධිපති ෂී ජින්පිං සහ උතුරු කොරියානු නායක Kim Jong Un අතර සාකච්ඡාව ඊයේ (4) රාත්‍රීයේ බෙයිජිං හි මහජන මහා ශාලාවේ දී පැවැත්වුණා.

Kim Jong Un චීනයට පැමිණ සිටින්නේ ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධය හා ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධය ජය ගැනීමේ 80 වන සංවත්සරයේ අනුස්මරණ උත්සවයට එක්වීම සඳහායි.

චීනය හා උතුරු කොරියාව අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කරන හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන් හා හොඳ සහෝදරයන් බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

උතුරු කොරියා නායකයා සිය සංවත්සර උත්සවයට පැමිණීමෙන්, දෙවන ලෝක යුද ජයග්‍රහණය ආරක්ෂා කිරීම පිළිබඳ උතුරු කොරියාවේ දැඩි අධිෂ්ඨානය පිළිබිඹු වන බව ද ඔහු කියා සිටියා.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ රජය චීන-උතුරු කොරියා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉතා වැදගත්කොට සලකන අතර එම සබඳතා පවත්වා ගෙන යමින් එය තහවුරු කිරීමටත් සහ වර්ධනය කිරීමටත් කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද මෙම ස්ථාවරය කිසිදා වෙනස් නොවන වත් විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

චීනය සමග පවතින සබඳතාව අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ වර්ධනය කිරීම තම රටේ ස්ථිර අපේක්ෂාව වන බව Kim Jong Un මහතා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

තායිවාන ප්‍රශ්නය, Xizang සහ ෂින්ජියං ප්‍රදේශවලට අදාළ ප්‍රශ්න යන චීනයේ මූලික අවශ්‍යතා සම්බන්ධ ගැටළුවලදී චීනයේ ස්ථාවරයට උතුරු කොරියාවේ ස්ථිර සහාය හිමි වන බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

දෙපාර්ශ්වයේ පොදු සහ මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික වේදිකාවල සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද Kim Jong Un මහතා සඳහන් කර තිබෙනවා.