ඇල්ල බස් අනතුරෙන් මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර් ය මණ්ඩලයේ 12ක්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 23 හා 24 කණු අතර ප්‍රදේශයේ දී බස් රථයක් ඊයේ (04) රාත්‍රි අඩි දහසක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 15 දක්වා ඉහළ ගියා.
මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ පවසනවා.
අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල රෝහල වෙත අතුළත් කෙරුණා.
ඒ අතර කුඩා ළමුන් 05 දෙනෙකු සහ කාන්තාවන් 07 දෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ.
අනතුරට පත් පිරිස බේරාගැනීම සඳහා ප්‍රදේශවාසීන්, පොලිසිය, යුද හමුදාව මෙන්ම ගුවන් හමුදාවද එක්වුණා.
කඹ ආධාරයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා පිරිස් අදාළ ස්ථානයට ළඟා වූ අතර සිද්ධිය ඇසින් දුටුවන් ප්‍රකාශ කළේ, ඉදිරියෙන් ගමන්ගත් ජිප් රථයක වැදීමත් සමග බස් රථය මෙලෙස ප්‍රපාතයකට පෙරලුණු බවයි.
අනතුරුව තුවාලකරුවන් බදුල්ල මහ රෝහල වෙත රැගෙන එනු ලැබුවා.
අනතුරේ නිරීක්ෂණ කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් බීඡ් ක්‍රාෆ්ට් වර්ගයේ යානයක් ද යෙදවීමටයි පියවර ගැනුණේ.
එසේම, බරපතල තුවාල ලබා සිටින පුද්ගලයින් කොළඹට රැගෙන ඒමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා එම් අයි සෙවන්ටීන් වර්ගයේ හෙළිකොප්ටර් යානයක් දියතලාව ගුවන් හමුදා කදවුරේ ස්ථානගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
එමෙන්ම අනතුරට සම්බන්ධ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.