උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ආරම්භ කෙරේ

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ආරම්භ කෙරේ

උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ, උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ පලෙයි නගරයේදී ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා.

යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර ඇති අතර, මේ යටතේ 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීම අපේක්ෂා කෙරෙන අතර, 2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 ඇතුළත එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

COMMENTS