නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය

සෙරමික් කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් අදහස් සහ යෝජනා විමසීම සඳහා දේශීය ව්‍යාපාරිකයින් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (27) පස්වරුවේ පැවැත්විණි.
මෙරට තුළ නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම තුළින් අපනයන ආදායම වර්ධනය කර ගැනීම සහ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රජයේ සැලසුම් මෙන්ම නිෂ්පාදන කර්මාන්ත ආශ්‍රිතව දැනට පවතින ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ටයිල්, නාන කාමර උපාංග සහ සනීපාරක්ෂක භාණ්ඩ ඇතුළු සෙරමික් නිෂ්පාදන කෙරෙහි මෙහිදී වෙන් වෙන් වශයෙන් අවධානය යොමු කෙරුණු අතර, දැනට වෙළෙඳපොළ තුළ පවතින එම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳව සාකච්ඡා විය.
ගුණාත්මක සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් සෙරමික් නිෂ්පාදන මෙරට පාරිභෝගීක ජනතාවට සාධාරණ මිලකට ලබා දීම සඳහා රජයෙන් ලබා දිය හැකි උපරිම සහාය ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
අමුද්‍රව්‍ය සපයා ගැනීම ඇතුළු සෙරමික් කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සහ ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.