දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරයට මාරු කරයි

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුම්බර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.
ආරක්ෂක හේතුන් මත ඔහුව මෙලෙස එම බන්ධනාගාරයට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ සඳහන් කළා.
2022 වසරේ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඔහු, ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ (21) නියෝග කළා.