රුමේෂ් තරංග ශ්‍රී ලංකාව රනින් බබළවයි

රුමේෂ් තරංග ශ්‍රී ලංකාව රනින් බබළවයි

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු විසිකිරීමේ ශුරතාවලියේ අද (22) පැවති හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ඔහු මීටර 82.05ක දක්ෂතාවක් මෙහිදී දැක්වීය.

මෙහි රිදී පදක්කම ජපාන ක්‍රීඩකයෙකුට (මී. 78.60) හිමිවූ අතර, ලෝකඩ පදක්කම පාකිස්තාන ක්‍රීඩකයෙකු (මී. 77.43) විසින් දිනාගත්තේය.

මේ අතර මෙහි කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා ලේකම්ගේ සමත්විය.

ඇය මීටර් 57.53ක දක්ෂතාවක් දැක්වීය.

COMMENTS