හෙලිකොප්ටරයකට ප්‍රහාරයක් – 12ක් මරුට

හෙලිකොප්ටරයකට ප්‍රහාරයක් – 12ක් මරුට

කොලොම්බියාවේ ක්‍රියාත්මක FARC ගරිල්ලා ත්‍රස්තවාදීන් විසින් එරට පොලිස් හෙලිකොප්ටරයකට එල්ලකළ ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොකේන් නිෂ්පාදනය සඳහා භාවිතා කරන කොකා කොළ භෝග විනාශ කිරීම සඳහා උතුරු කොලොම්බියාවේ ඇන්ටියොක්වියාවේ ප්‍රදේශයකට පිරිස් ප්‍රවාහනය කරමින් සිටි හෙලිකොප්ටරයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වී ඇත.

මේ අතර මෙම FARC ගරිල්ලන් විසින් එරට තෙවන වැඩිම ජනගහනයක් සහිත නගරය වන කැලි හි සිදුකළ කාර් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

නිරිතදිග කැලි නගරයේ හමුදා ගුවන් සේවා පාසලක් අසල දී පුපුරණ ද්‍රව්‍ය පිරවූ මෝටර් රථයක් මෙලෙස පුපුරවා හැර ඇති අතර, ඒ හේතුවෙන් 70කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.

ඒ අනුව මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ නවතම සමීක්ෂණයකට අනුව කොලොම්බියාව කොකා කොළ වගාව ඉහළින්ම සිදුකර රටක් බවට අනාවරණය කර ඇත.