මේ මස පළමු දින 13 තුළ සංචාරකයින් 99,406ක් ලංකාවට ඇවිත්

මේ මස පළමු දින 13 තුළ සංචාරකයින් 99,406ක් ලංකාවට ඇවිත්

මෙම මාසයේ ගත වූ දින 13 තුළ සංචාරකයින් 99,406 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ඉන් වැඩිම සංඛ්‍යාවක් ඉන්දියානුවන් වන අතර එම ප්‍රමාණය 19,572ක්.

ඉන් අනතුරුව වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, චීනය සහ ප්‍රංශය යන රටවලින්.

එමෙන්ම මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,467,694 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළා.

COMMENTS