සජිත්ගේ නායකත්වයෙන් කිසිදු ජයක් ගැන සේයාවක් වත් නෑ – පාඨලී

විපක්ෂ නායකවරයා වසර තිහක් පුරා එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීව කටයුතු කළද කිසිදු ජයග්‍රහණයක් පිළිබඳ සේයාවක් නොපෙනෙන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.