රේගුව ඉතිහාසයේ වැඩිම ආදායම ලබයි

රේගුව ඉතිහාසයේ වැඩිම ආදායම ලබයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසනවා.

ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම් දීමේ පද්ධතිය ජන ගත කිරීම සිදු කෙරුණේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන්.

රේගු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම මෙන්ම අපනයනකරුවන්ගේ විශ්වාසය ඇති කිරීමේ අරමුණින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීම සිදු කෙරෙනවා.

COMMENTS