වර් ජනයකට සැරසෙන තැපැල් සේවකයින්

වර් ජනයකට සැරසෙන තැපැල් සේවකයින්

සියලු තැපැල් කාර්යාලවල සේවකයින් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමය සඳහන් කළේ, පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩවර්ජනයක නිරත වන බවයි.

ඒ , අතිකාල ගැටලුව, ඇඟිලි සලකුණු යන්ත්‍රයේ පැමිණීම හා පිටවීම සටහන් කිරීම ඇතුලු කරුණු 19 ක් මුල් කරගනිමිනි.

මෙම වැඩ වර්ජන ක්‍රියාත්මක වන්නේ අද සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති පසුබිමකදී යි.

මේ අතර තැපැල් සේවකයින් ඊයේ (16) උදෑසන සිට අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ද නිරත විය.

COMMENTS