ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.

ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.

පාකිස්තානයේ දී සාහසික ලෙස ප්‍රියන්ත කුමාර මහතාව ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉමිතියාස් හෙවත් බිල්ලි නැමැති එම පුද්ගලයා රාවල්පින්ඩි නගරය දක්වා බස් රථයක යමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවය.

ප්‍රියන්ත කුමාරට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 130කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 27 දෙනෙකු ප්‍රධාන සැකකරුවන් ලෙසයි සැලකෙන්නේ.

https://bit.ly/3pvEsgx