රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනපති ප්‍රතික්ෂේප කරයි

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සදහා ඩොන්බාස් කලාපය අත්හරින්නැයි රුසියාව කළ යෝජනාව, යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි ප්‍රතික්ෂේප කර තිබේ.
ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන ප්‍රදේශවලින් සමන්විත ඩොන්බාස් කලාපය මේ වන විට අර්ධ වශයෙන් අත්පත් කරගෙන ඇත්තේ රුසියාවයි.
නමුත් එම කලාපයේ හිමිකම අත්හැරීමේ කිසිඳු යෝජනාවකට තමා එකඟ නොවන බව, යුක්‍රේන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.
ඔහු පවසන්නේ, ඩොන්බාස් කලාපයෙන් ඉවත් වුවහොත්, යුක්‍රේනය අත්පත් කරගැනීමේ රුසියාවේ ඉලක්කය ඉතා පහසු වනු ඇති බවයි.
රුසියාව,මේ වන විට යුක්රේන භූමියෙන් 20% කට ආසන්න ප්‍රදේශයක බලය අත්පත් කරගෙන තිබේන අතර දෙරට අතර සටන් විරාමයක් ඇති කිරීමට නම් රාජ්‍යයන් දෙකටම සිය භුමියෙන් කොටසක් අත් හැරීමට සිදුවනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ ය.
යුද්ධය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම සදහා අමෙරිකා – රුසියා ජනාධිපතිවරුන් ලබන සිකුරාදා හමුවීමට නියමිතව තිබේ.