ජාත්‍යන්තර තරුණ දිනය අදයි

ජාත්‍යන්තර තරුණ දිනය අදට යෙදී තිබේ.
මෙවර ජාත්‍යන්තර තරුණ දිනයේ තේමාව වන්නේ, “තිරසර සංවර්ධන ඉලක්ක සහ ඉන් ඔබ්බට තරුණ තරුණියන් ක්‍රියාකාරී වන්නේ කෙසේද” යන්නයි.
වසර 32කට පසු ජාතික තරුණ සමුළුව අද(12) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.
ඒ, සඳහා දිවයින පුරා තරුණ තරුණියන් 6000කට අධික පිරිසක් සහභාගී වනු ඇති බවට, ජාතික තරුණසේවා සභාවේ සභාපති නීතීඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළේ ය.
1999 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම අගෝස්තු 12 වැනිදා, තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් කෙරෙන බවට ප්‍රකාශයට පත් කළේ ය.
ඒ අනුව ලෝකයේ පළමුවැනි තරුණ දිනය සැමරුනේ 2000 වසරේදීයි.
එක්සත් ජාතීන්ගේ රටවල් 2015 වසරේදී, දුප්පත්කම තුරන් කිරීම, දේශගුණික විපර්යාස වලට සාර්ථකව මුහුණ දීම ඇතුළු තිරසර සංවර්ධන ඉලක්ක 17ක් සම්මත කර ගෙන තිබේන අතර එම ගෝලීය අභිලාෂයන් වෙනුවෙන් තරුණ තරුණියන්ගේ කාර්යභාරය විමසා බැලීම මේ වසරේදීත් සිදුවේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්වචනයට අනුව වයස අවුරුදු 15ත් 24ත් අතර පිරිස, තරුණ, තරුණයින් ලෙස සැලකේ.
ඒ ලෝක ජනගහනයෙන් 16%කි.
නමුත් තරුණයින් ලෙස ක්‍රියාකාරී වීමටත්, ජාත්‍යන්තර තරුණ දිනය සැමරීමටත් , වයස් පරතරයක් නොමැති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබේ.