රාජිත දුර­ක­ත­න­යත් විසන්ධි කරලා අතුරුදන්

රාජිත දුර­ක­ත­න­යත් විසන්ධි කරලා අතුරුදන්

නීති­මය ක්‍රියා පටි­පා­ටි­යට පට­හැණි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘ­ති­යක් කොරි­යානු සමා­ග­ම­කට පැව­රීම තුළින් රජ­යට රුපි­යල් ලක්ෂ 262කට අධික පාඩු­වක් සිදු කළා යැයි කියන රාජිත සේනා­රත්න මහතා තව­මත් දුර­ක­ත­න­යද විසන්ධි කර­මින් නිවෙ­සද අත­හැර ගොස් ඇති බව වාර්තා වනවා.

ඔහු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා කිහිපවරක් උත්සාහ කළ තිබෙනවා.

වෛද්‍ය රාජිත සේනා­රත්න මහතා එම සිද්ධිය සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­ර­ණය හමුවේ අපේ­ක්ෂිත ඇප ඉල්ලී­මක් සිදු කර ඇති බවට නීති­ඥ­ව­ර­යෙක් මාර්ග­යෙන් කොමි­සම දැනු­වත් කර තිබුණා.

අදාළ සිද්ධිය සම්බ­න්ධ­යෙන් අල්ලස් කොමි­සම වෙත පැමිණ ප්‍රකා­ශ­යක් ලබා දෙන බව දැනුම් දුන්නද හිටපු ඇමැ­ති­ව­රයා එහි නොපැ­මි­ණීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට තීර­ණය කළ තිබුණා.

මෙම විම­ර්ශ­න­යට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස අවස්ථා කිහි­ප­ය­ක­දීම ඔහුට දැනු­ම්දීම් කර තිබු­ණත් ඔහු විවිධ අස­ත්‍යය කරුණු ඉදි­රි­පත් කර­මින් දිගින් දිග­ටම එම ප්‍රකාශ ලබා­දීම මග­හ­රි­මින් සිටියා.

මෙම සිද්ධ­යට අනුව අල්ලස් කොමි­සම විසින් දූෂණ චෝද­නා­වක් සම්බ­න්ධ­යෙන් තමන්ව අත්අ­ඩං­ගු­වට ගැනී­මට පෙර අපේ­ක්ෂිත ඇප­යක් මත මුදා­හ­රින ලෙස ඉල්ලා තමන් ඉදි­රි­පත් කළ අපේ­ක්ෂිත ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කිරී­මට කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය දුන් තීන්දුව ප්‍රති­ශෝ­ධ­නය කර තමන්ව අපේ­ක්ෂිත ඇප මත මුදා­හ­රින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනා­රත්න විසින් ඉදි­රි­පත් කළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන සැප්තැ­ම්බර් මස 01 වැනිදා කැඳ­වන ලෙස කොළඹ මහා­ධි­ක­ර­ණය නියම කළා.

COMMENTS