වනෝද්‍යාන නැරඹීම සඳහා ටිකට්පත් අද සිට ඔන්ලයින් ක්‍රමයට

වනෝද්‍යාන නැරඹීම සඳහා ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අද (10) සිට අවස්ථාව උදාවේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සිය නිල වෙබ් අඩවියට පිවිස ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවයි.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා ඊයේ (09) දිගු පෝලිම් පැවතීමෙන් සංචාරකයින් දැඩි ලෙස අපහසුතාවට පත්වූ බව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
එවැනි අපහසුතා ඇතිවීම වැළැක්වීමේ අරමුණින්, ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත.