දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ පාර් ලිමේන්තු යෝජනාව ජනපති අතට

දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ පාර් ලිමේන්තු යෝජනාව ජනපති අතට

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාව ජනාධිපතිවරයා වෙත යොමු කළ බව කථානායක කාර්යාලය පවසයි.

කථානායක කාර්යාලය පැවසුවේ ඊයේ(05) රාත්‍රි එය ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 177 කින් අද පාර්ලිමෙන්තුවේදී සම්මත විය.

පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 177 කි

විපක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙක් ඡන්දය භාවිතා කර නොමැත.

රාමනාදන් අර්චුණා මන්ත්‍රීවරයා ඡන්දය දීමෙන් වැලකි සිටි අතර ඡන්දය ලබාදීම සඳහා මන්ත්‍රීවරු ගණන 46 ක් පැමිණ සිටියේ නැහැ.

ඒ පිරිස අතර ජාතික ජනබලවේග මන්ත්‍රීවරු 05 දෙනෙකු සිටියි.

ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණි සමගි ජනබලවේග මන්ත්‍රීවරු සංඛ්‍යාව 30කි.

ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතාද පැමිණ සිටියේ නැහැ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්දෙනාද ඡන්දය දීමට නොපැමිණි මන්ත්‍රිවරුන් අතර වේ.

නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු තුන්දෙනාම ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැහැ.

දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට යෝජනාවට අදාළ ඡන්ද විමසීමට නොපැමිණි මන්ත්‍රිවරුන් අතර සර්වජන බලය පක්ෂයේ දිලිත් ජයවීර මහතාද අයත් වේ.

COMMENTS