ඇමරිකාවෙන් ඉන්දියාවට යළි තර් ජන

ඇමරිකාවෙන් ඉන්දියාවට යළි තර් ජන

රුසියාවෙන් තෙල් මිලදී ගන්නේ නම් ඉන්දියාවට සැලකිය යුතු තීරු බදු වැඩි කිරීමක් සිදුකරන බවට අමෙරිකාව නැවතත් තර්ජනය කර තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට මෙම අනතුරු ඇඟවීම් සිදුකළේ, ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.

රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේන වැසියන් කොපමණ පිරිසක් මියයන්නේ ද යන කාරණය පිළිබදව ඉන්දියාවට තැකීමක් නොමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා එම පණිවිඩයේ සටහන් කර තිබේ.

ඉන්දියාව,රුසියාවෙන් තෙල් මිලදී ගන්නා ප්‍රධානතම රටවල් අතරින් එකකි.

2022 වසරේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟ යුරෝපීය රටවල් කිහිපයක් රුසියාවෙන් තෙල් මිලදී ගැනීම කප්පාදු කළේ ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එය රුසියානු තෙල් අපනයන වෙළදපලට දැඩි බලපෑමක් එල්ල කළ බවයි.

COMMENTS