මහනුවර පළමු රන්දෝලි පෙරහර වෙනුවෙන් රථවාහන සැලැස්මක්

මහනුවර පළමු රන්දෝලි පෙරහර වෙනුවෙන් රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම රන්දෝලි පෙරහර අද (04) දින වීථී සංචාරය කරනු ලබයි.

එම කාලය තුළ ක්‍රියාත්මක රථ වාහන සැලැස්ම හා විකල්ප මාර්ග සම්බන්ධයෙන් රියදුන් සහ ජනතාව දැනුම්වත් කරමින් ශ්‍රී ලංකා පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, පෙරහර කාලසීමාවන් තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා දෛනික රථවාහන සැලැස්ම පහත පරිදි වේ.

  • කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියළුම බර වාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් මහනුවර නගරය වෙත ගමන් කළ හැක.
  • කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ කන්දේ වීදිය ඔස්සේ මීරමක්කම් පල්ලිය අසලින් ඉදිරියට ගමන් කර තිලක් රත්නායක මාවත ඔස්සේ ගමන් කළ හැක.
  • කටුගස්තොට දෙසට පිටවන වාහන දළඳා වීදීය, යටිනුවර වීදීය, කන්දේ වීදීය, ඩී.එස්. සේනානායක වීදීය ඔස්සේ ගමන් කළ හැක.
  • තැන්නේකුඹුර හා අම්පිටිය දෙසින් පැමිණෙන වාහන සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ ඇහැලේපොල කුමාරිහාමි මාවතෙන් දකුණට හැරි බෝගම්බර, දුම්රිය පොල අසලින්ද කොළඹ දෙසට යාමට වම් පසටද, නගරයට යාමට දකුණු පසට යා යුතු වේ. එසේම රජ පිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ මහනුවර නගරයට ඇතුළුවිය හැක.
  • නගරයේ සිට අම්පිටිය, තෙල්දෙණිය මාර්ගයේ ගමන් කරන වාහන ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ රැජිණ හෝටල් පැති දොරටුව අසලට පැමිණ බෝට්ටු සේවය අසලින් සංඝරාජ මාවතට පැමිණ ගමන් කළ හැක. එසේම බෝගම්බර වට රවුම, ඇහැලේපොල කුමාරිහාමි මාවත, රජ පිහිල්ල මාවත, වේල්ස් පාර්ක් හන්දිය, සංඝරාජ මාවත ඔස්සේ අම්පිටිය හා තැන්නේකුඹුර දෙසට ගමන් කල හැක.
  • මහනුවරට කොළඹ දෙසින් ඇතුළු වන හා නගරයෙන් කොළඹ දෙසට පිටවන වාහන සඳහා පරණ පේරාදෙණිය පාර හා විලියම් ගොපල්ලව මාවත භාවිතා කල හැක.

ශ්‍රී දළදා මාලිගය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය 2025.07.30 වන දින ආරම්භ කර 2025.08.08 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථ වාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරයිකයින්ට මග පෙන්වීම හා රථ වාහන ගාල් කිරීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

COMMENTS