ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක බස් ධාවනය නවතී

ගම්පහ සිට කොළඹ දක්වා සහ තවත් ගමනාන්ත කිහිපයක් දක්වා පෞද්ගලික බස් ධාවනය නවතා දැමීමට තීරණය කර තිබේ.
ඇතැම් ස්ථානවල බස් රථ නතර කිරීමට ඉඩ ලබානොදීමට විරෝධය පළ කරමින් මෙලෙස සිය සේවා නවතා දැමීමට කටයුතු කළ බව ගම්පහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.