හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි රිමාන්ඩ්

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අගෝස්තු 6 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.