දකුණු සිරියාවේ ගැටුම්වලින් 600ක් මරුට

දකුණු සිරියාවේ ගැටුම්වලින් 600ක් මරුට

දකුණු සිරියාවේ ගැටුම්වලින් 600 දෙනෙකු මිය ගොස් ඇති බව නිරීක්ෂණ කණ්ඩායම් පවසා තිබෙනවා.

බෙඩොයින් සහ ඩෲස් ප්‍රජාව අතර ඇති වු ආරවුලක් හේතුවෙනුයි සිරියාවේ මෙම ගැටුම් හට ගැනුනේ.

ගැටුම් අතරතුර ඩෲස් ආගමික සුළුතරයින් සාමාජිකයන් 300 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා සඳහන් කරන්නේ.

සටන්කරුවන් 146 දෙනෙකු, සිවිල් වැසියන් 154 දෙනෙකු ද ගැටුම් අතරතුර මිය ගොස් තිබෙනවා.

මිය ගිය අයගෙන් 83 දෙනෙකු රජයේ හමුදා විසින් ඝාතනය කරන ලද බවටයි අදාළ නිරීක්ෂණ කණ්ඩායම පවසා ඇත්තේ.

මිය ගිය අය අතර රජයේ නිලධාරීන් 257 දෙනෙකු ද සිටින බව සඳහන්.

https://www.bbc.com/news/articles/c9395qwzgddo

COMMENTS