තිබුණු පාලනයන්ට වඩා මේ පාලනය මොනවා වුනත් හොඳයි

තිබුණු පාලනයන්ට වඩා මේ පාලනය මොනවා වුනත් හොඳයි

පැවති පාලනයන්ට වඩා, අනිවාර්යයෙන්ම වත්මන් රජය යහපත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.

යම් යම් අංශවලින් පසුබෑම් තිබුණ ද, බඩගින්නේ සිටීමට සිදුවුව ද, හොරකම්, මැරකම්, වංචාව නවත්වනවා නම් එයින් රටට යහපතක් වන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

හොරකම, දූෂණය හා වංචාව නැවැත්වීමට යම් උත්සාහයක් ගනිමින් ඇති බවද, ජනතා මුදල් අවභාවිත කරන ලද පිරිස් හිර ගෙවල්වලට යන ආකාරය අද දක්නට ලැබෙන බවද ඔහු ප්‍රකාශ කළා.‍

එය සාර්ථක වුවහොත් රටට විශාල ශක්තියක් වනු ඇති බවත්, මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමද සිදුවිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වැඩිදුරටත් ප්‍රක‍ාශ කර සිටියේ.

COMMENTS