ට්විටර් ඝාතකයාට මරණ දඬුවම

ට්විටර් ඝාතකයාට මරණ දඬුවම

2017 වසරේදී ජපානයේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ජපානය විසින් 2022 වසරෙන් පසුව එරට ක්‍රියාත්මක කරන ලද පළමු මරණ දඬුවමද මෙය වන බවය‍.

“ට්විටර් ඝාතකයා” ලෙස නම් කරන ලද තකහිරෝ ශිරයිෂි නම් පුද්ගලයෙකු විසින් මෙම ඝාතන එම කාලයේදී සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව ඇත.

එවකට 30 හැවිරිදි වියේ පසුවූ තකහිරෝ විසින් අවුරුදු 15 -26ත් අතර තරුණියන් ඔහුගේ මහල් නිවාසයට ගෙන ගොස් ගෙල සිරකර ඔවුන්ගේ අවයව කපා ඝාතනය කර තිබුණි.

ජපාන පොලීසිය විසින් අතුරුදන් වූ පුද්ගලයෙකු සොයමින් 2017 වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිදුකරන ලද විමර්ශනයේදී ජපානයේ සමා නගරයයේදී අදාළ පුද්ගලයාගේ ශරීර කොටස් හමුව තිබූ අතර පසුව මෙම ඝාතන සිදුවීම් අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයේදී ශිරයිෂි පවසා ඇත්තේ සියදිවි නසා ගැනීමට උත්සාහා කළ තැනැත්තන් නව දෙනෙකු තමන් ඝාතනය කළ බවත් අදාළ පුද්ගලයින් හඳුනා ගනු ලැබුවේ ට්විටර් සමාජ මාධ්‍ය වේදිකාව හරහා වන බවත්ය.

ඉන්පසු ඔවුන්ට මිය යාමට උදව් කළ බවත් ඇතැම් අවස්ථාවලදී තමන් ඔවුන් සමග සිය දිවි නසා ගන්නා බවත් ඔහු පවසා ඇතැයිද වාර්තා වේ.

ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇත්තේ “මට ඇත්තටම වේදනාවෙන් ඉන්න අයට උදව් කරන්න ඕන. කරුණාකර මට ඕනෑම වේලාවක කතා කරන්න.” යනුවෙනි.

පොලීසිය විසින් සැකකරු සම්බන්ධව සිදුකළ විමර්ශන හමුවේදී ඔහුගේ මහල් නිවාසයේ තිබී සිසිලන යන්ත්‍ර සහ මෙවලම් පෙට්ටිවල බහා තිබූ සිරුරු 9ක කොටස් හමුව තිබේ.

නඩු පවරන්නන් විසින් ශිරයිෂිට මරණ දඬුවම ඉල්ලා සිටියද ඔහුගේ නීතීඥයින් විසින් මරා දැමීමට වින්දිතයින් අවසර ලබා දී ඇති බව පවසා ඇති අතර, ඔහුගේ මානසික තත්ත්වය තක්සේරු කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් ශිරයිෂි පසුව අනාවරණය කර ඇත්තේ වින්දිතයින්ගේ කැමැත්තෙන් තොරව තමා ඔවුන්ව ඝාතනය කළ බවය.

එමෙන්ම මෙම මිනී මැරුම් හේතුවෙන් ට්විටර් විසින් සිය නීති සංශෝධනය කෙරුණු අතර පරිශීලකයින් සියදිවි නසාගැනීම් හෝ ස්වයං හානියක් ප්‍රවර්ධනය කිරීම හෝ දිරිමත් කිරීම නොකළ යුතු බවටද නීති සංශෝධනය කළේය.

ශිරයිෂිට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියෝග කළ බව පැවසූ ජපානයේ අධිකරණ අමාත්‍ය කීසුකේ සුසුකි පවසා ඇත්තේ ඝාතකයා තමන්ගේ ලිංගික සහ මූල්‍ය ආශාවන් තෘප්තිමත් කර ගැනීමේ සැබෑ ආත්මාර්ථකාමී හේතුව නිසා කටයුතු කර ඇති බවය.

https://www.aljazeera.com/news/2025/6/27/japan-executes-by-hanging-twitter-killer-who-murdered-9