වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 25000ක් වාර් තා වෙලා

මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් විසිපන්දහස් පනස් පස් දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පවසනවා.
මෙම කාලය තුළ ඩෙංගු මරණ 13ක්ද වාර්තා වී තිබෙනවා.
මෙම රෝගීන්ගෙන් 25%ක්ම පාසල් දරුවන් වීම කණගාටුවට කරුණක්.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම මදුරුවන්ගෙන් බෝවුවාට ප්‍රතිකාර ක්‍රම වෙනස් නිසා වෛද්‍ය උපදෙස්වලින් තොරව වේදනා නාශක නොගන්නා ලෙසයි වෛද්‍යවරිය අවධාරණය කරන්නේ.
මේ අතර පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන් බස්නාහිර පළාත තුළින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරනවා ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුළ මෙම රෝග වැඩි වශයෙන් පැතිරෙන බවයි සඳහන් වන්නේ .
චිකුන්ගුන්යා සහ ඩෙංගු රෝගයේ මුල් අවස්ථාවේදී රෝග ලක්ෂණ බොහෝ දුරට සමාන විය හැකි අතර ඒ අනුව උණ, හිසරදය, ඇඟපත වේදනාව සහ වමනය වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි බවයි සඳහන් වන්නේ .
මේ හේතුවෙන් දින දෙකකට වැඩි කාලයක් අදාළ රෝග ලක්ෂණ පවතින්නේ නම්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවී අදාළ ප්‍රතිකාර ලබා ගත යුතු බව සඳහන් කරනවා .
චිකුන්ගුන්යා රෝගය වැළඳීමෙන් පසු ඇතැම් රෝගීන්ට දීර්ඝ කාලීනව පවතින හන්දි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති විය හැකි අතර ඒ සඳහා ද නිසි ප්‍රතිකාර කළ යුතු බැවින් වෛද්‍ය උපදෙස් ලබා ගනිමින් කටයුතු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා .